විදුලි බිල නොගෙවීම හේතුවෙන් දකුණු පළාතේ පාසල් 22ක විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
පාසල්වල විදුලි බිල ගෙවීම කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිදු කළ යුතු අතර ඒ සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් එම ආයතනය අදාළ ගෙවීම සිදු කර නොමැති බව ඔහු සඳහන් කළා.
කෙසේවෙතත්, ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ මෙලෙස විදුලි බිල ගෙවීම පැහැර හැරීම දෙමව්පියන්ගෙන් විදුලි බිල සඳහා මුදල් අය කර ගැනීමට සිදු කළ කුමන්ත්‍රණයක් බවයි.
පාසල් සිසුන් මෙලෙස දිගින් දිගටම අඳුරේ තැබීමට කඩිනමින් විසඳුමක් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කටයුතු කළ යුතු බවද ජෝසප් ස්ටාලින් මහතා තවදුරටත් අවධාරණය කළා.
එසේ නොකරන්නේ නම් මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට සූදානම් බවද ඔහු පෙන්වා දුන්නා.