30.6 C
Colombo
Thursday, April 25, 2024

ජූලි මාසයේදී විදුලි මිල නැවතත් සංශෝධනය විය හැකියි – කංචන

- Advertisement -

අමාත්‍යවරයා කියා සිටියේ නීතියට අනුව වසරකට දෙවතාවක් එනම් ජනවාරි මාසයේදී සහ ජූලි මාසයේදී විදුලි බිල වෙනස් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ, ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“මෙම කාල සීමාව තුළ සමාලෝචනයක් සිදු කළ යුතු බවත් අවශ්‍යතා මත පදනම්ව ගාස්තු සංශෝධනය කළ යුතු බවත් අපි යෝජනා කළා. අපි ජනවාරි මාසයේ යෝජනා කළ පරිදි ගාස්තු වැඩි කළා නම්, අපි ජූලි මාසයේ ප්‍රගතිය සමාලෝචනය කරලා ගාස්තු සංශෝධනය තුළ සහන ලබා දීමට බලාපොරොත්තුව සිටියා” යැයි ඔහු පවසනවා.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට නව ආයෝජකයින්ට ප්‍රවේශ වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට මෙම කාලසීමාව තුළ පියවර ගන්නා බවත් අමාත්‍ය විජේසේකර පවසනවා.

“ජූලි මාසය වෙනකොට අපට ඇත්ත තත්ත්වය විනිශ්චය කළ හැකි වගේම මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විදුලි ගාස්තු අඩු කර සහනයක් ලබා දිය හැකිද යන්න සොයා බැලිය හැකියි. මම විශ්වාස කරනවා, ජූලි මාසය වන විට තත්ත්වය මත පදනම්ව මීළඟ ගාස්තු සංශෝධනය වැඩි වීමක් පෙනෙන්නට නොමැති බව.”

මීළඟ ගාස්තු සංශෝධනය තුළින් මහජනතාවට සහන සැලසීම රජයේ අරමුණ බවත් අමාත්‍ය කාංචන විජේසේකර වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...