ගසක් කඩා වැටීම හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය පවසන්නේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 10 කණුව අසල විශාල ගසක් කඩා වැටී ඇති බවයි.
එසේම ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ලේ මාර්ගයට විදුලි පහන් කණුවක් කඩා වැටීමෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.