28.4 C
Colombo
Friday, April 26, 2024

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එල්මෝ ගුණරත්න කොවිඩ් නිසා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) පෙරවරුවේ සිය නිවසේදීම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මීට දින කිහිපයක පටන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නිරෝධායනය වෙමින් සිටියා.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 89 ක්.

එමෙන්ම එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුතු වන දමිත ගුණරත්න මහතාද ඊයේ (27) රාත්‍රියේ අභාවප්‍රාප්තවී තිබෙනවා.

දමිත ගුණරත්න මහතාද කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටියා.

එල්මෝ ගුණරත්න මහතා දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු වනවා.

ඔහු ‘සිංහලයා’ පුවත්පතින් සිය ජනමාධ්‍ය කලාව ආරම්භ කර පසුව ලේක්හවුස් ආයතනයට සම්භන්ධ වූවා.

පසුව ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කරමින් එම ආයතනයෙන් ඉල්ලා අස්වුණා.

ඉන් අනතුරුව තායිලන්තය බලා පිටත්ව ගිය ඒ මහතා ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන් කලක් සේවය කළා.

යළිත් 1978 දිවයිනට පැමිණි එල්මෝ ගුණරත්න මහතා එවකට පැවැති ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළා.

පසුව ලංකාදීප, සන්ඩේ ටයිම්ස් හා ඩේලිමිරර් යන පුවත්පත් තුනේම කතුවරයා ලෙස කටයුතු කළ එකම පුද්ගලයා ලෙසද එල්මෝ ගුණරත්න මහතා ඉතිහාසගත වුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...