31 C
Colombo
Wednesday, February 12, 2025

නාසි සැලියුට් එකක් පෙන්නුවැයි ඊලෝන් මස්ක්ට චෝදනා

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය අමතමින් ඊලෝන් මස්ක් සිදුකළ කතාවක් අතරතුර “හිට්ලර්ගේ ආචාරයට” සමාන අභිනයක් දැක්වීම හේතුවෙන් ඔහු දෝශ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඊයේ (20) ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන් අතර ඔහුව ජනාධිපති කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අමතමින් මස්ක් සිය ස්තූතිය පුද කර තිබුණා.

අනතුරුව මස්ක්, සිය දකුණු අත ඔහුගේ පපුවට තබා පසුව එය ඉහළට දිගු කර ඔහුගේ ඉදිරිපසින් සහ පිටුපසින් සිටි සභාව වෙත දෙවරක් ආචාර කළ ආකාරය දැක්වුණා.

X මාධ්‍යජාලය තුළ මෙම ආචාර කිරීම “හේල් හිට්ලර්” යනුවෙන් හැඳින්වෙන නාසි ආචාරයට සමාන කරමින් මස්ක්ට චෝදනා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මස්ක් මේ වන විට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එම විවේචන සම්බන්ධයෙන් ඔහු සිය  X ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබුණේ, විරුද්ධවාදීන් සියලු දෙනා හිට්ලර්ට සමාන කරමින් චෝදනා කිරීම විහිළුසහගත බවයි.

ඊලෝන් මස්ක් දක්ෂිණාශිංක දේශපාලනයට වඩා නැඹුරුවෙමින් ජර්මනියේ අන්ත දක්ෂිණාංශික AfD පක්ෂයට සහ බ්‍රිතාන්‍ය සංක්‍රමණ විරෝධී පක්ෂයක් වන Reform UK පක්ෂයට සහය දක්වමින් මෑත කාලීනව විවිධ ප්‍රකාශ නිකුත් කර ඇති පසුබිමක ඔහුට මෙම චෝදනා එල්ල වීමද විශේෂත්වයක්.

කෙසේවෙතත්, ඇතැම් පාර්ශව මස්ක්ගේ මෙම ආචාර කිරීම සම්බන්ධයෙන් පවසා තිබුණේ එය ඔහු හුදෙක්ම සිය උද්‍යෝගය සහ සතුට පළ කිරීම සඳහා දැක්වූ විකාරසහගත හැසිරීමක් බවයි.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES