32 C
Colombo
Saturday, April 20, 2024

ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක්

- Advertisement -

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සිය නිල ට්විටර් ගිණුමේ තමන්ගේ නිදන කාමරයේ ඇඳ අභියස ඇති දෑ පිළිබදව ඡායාරූපයක් පලකර තිබෙනවා.

එහි ඉපැරණි රිවෝල්වරයක් සහ තවත් පිස්තෝලයක්, බියර් කෑන්හතරක්, ජල බෝතලයක් මෙන්ම ජය කුන්තයක් අන්තර්ගතව තිබෙනවා.

මෙම ජයකුන්තය හෙවත් ‌වශී බෝලය මෙරට වඩාත් ජනප්‍රිය වූයේ මහින්ද රාජපක්ෂ මහතා හේතුවෙන්.

ඔහු එම ජය කුන්තය ජනතාව ගැවසෙන ස්ථාන වන දේශපාලන රැස්වීම්, ජනහමු, වැනි ප්‍රසිද්ධ ස්ථානවල භාවිතා කළ අතර ඇතැම් අවස්ථාවන්හීදී එය සිපගන්නා ආකාරයද දක්නට ලැබුණා.

පසුව එය නාමල් රාජපක්ෂ මහතාද ප්‍රසිද්ධ ස්ථානවල භාවිතා කරන අයුරු දක්නට ලැබුණා.

ටෙස්ලා සමාගමේ නිර්මාත්‍ය මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වන ඉලෝන් මස්ක්ගේ ශුද්ධ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 203 ක් ලෙසයි වාර්තා වන්නේ.

ඔහු පසුගියදා ලොව ජනප්‍රියම සමාජ ජාල අඩවියක් වන ට්විටර් සමාගමද මිලදී ගනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...