X සමාජ මාධ්‍ය ජාලයේ අධිපති ඊලෝන් මස්ක්, ඔහුට අයත් SpaceX රොකට් සමාගමේ සහ X සමාගමේ මූලස්ථාන කැලිෆෝනියාවෙන් ඉවත් කර ටෙක්සාස් වෙත රැගෙන යන බව පවසා තිබෙනවා.
කැලිෆෝනියා ප්‍රාන්තය පාසල් දරුවන්ගේ ලිංගික අනන්‍යතාව සම්බන්ධයෙන් හඳුන්වා දුන් නව නීතියකට සිය විරෝධය පළ කරමින් ඊලෝක් මස්ක් මෙම තීරණයට එළඹී ඇති බව සඳහන් .
මෙම නව නීතිය මඟින් පාසල් ගුරුවරුන්ට, දරුවන්ගේ ලිංගික අනන්‍යතාව සම්බන්ධ තොරතුරු දෙමව්පියන්ට මෙන්ම අනෙකුත් පාර්ශවයන් වෙත ලබා දීම තහනම් කර තිබෙනවා.
දරුවන්ගේ ලිංගික අනන්‍යතාව්‍ය පිළිබඳ තොරතුරු දෙමව්පියන්ට හෙළි කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඇමරිකාවේ විවාදාත්මක තත්වයක් මතුව ඇති බව වාර්තා වෙනවා.
දරුවන්ට සිය පෞද්ගලිකත්ව ආරක්ශා කර ගැනීමට අයිතියක් ඇති බව විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරන ක්‍රියාකාරී පිරිස් පැවසූවත් දෙමාපියන් පෙන්වා දෙන්නේ තම දරුවන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බවයි.