25 C
Colombo
Friday, January 17, 2025

ලොස් ඇන්ජලීස් හි හදිසි තත්ත්වයක්

- Advertisement -

බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආසන්නයෙන් පැතිර යන ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැය කිහිපයකින් අක්කර 10 සිට අක්කර 2,900කට වැඩි ප්‍රදේශයකට මෙම ළැව් ගින්න පැතිරගොස් ඇති බව වාර්තා වනවා.

මෙම තත්ත්වය හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 13,000ක වෙසෙන පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන කර යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

පලාගිය ඇතැම් පිරිස් සිය රථවාහන පවා අත්හැර දමාගොස් ඇති අතර, එලෙස අත්හැර ගිය රථවාහන හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතා ඉවත්කිරීමට බැකෝ යන්ත්‍ර යොදාගැනීමටත් ද බලධාරීන්ට සිදුව තිබෙනවා.

බටහිර අමෙරිකාවේ මෙලෙස ළැව්ගිනි ව්‍යාප්තවෙමින් පවතින්නේ, එරට නැගෙනහිර සහ මධ්‍යම කලාපවලට හිම කුණාටු තත්ත්වයක් බලපා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි සුඛෝපභෝගී කලාපයක් වන පැසිෆික් පැලිසේඩ් හි ඇති වූ මෙම ළැව් ගින්න සැන්ටා මොනිකා සිට මාලිබූ කලාපය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ආසන්නයේ පවතින පැයට කිලෝ මීටර් 70ත් 100ත් අතර වේගවත් සුළං ධාරා ගින්න ව්‍යාප්ත වීමට රුකුලක් වී තිබෙනවා.

මේ හේතුවෙන් ශීත සමයේ වුවත් කැලිෆෝනියා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් වනවා.

ළැව් ගිනි නිවීමට ගිනි නිවන සේවකයින් 250ක්, ගිනි නිවන රථ රැසක් මෙන්ම හෙලිකොප්ටර් යානා පහක්ද යොදවා තිබෙනවා.

කෙසේ නමුත් පිරිස ප්‍රමාණවත් නොමැති බව පවසා නිවාඩු ගොස් සිටි සියලුදෙනාම සේවයට කැඳවීමට ද ලොස් ඇන්ජලීස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES