26 C
Colombo
Wednesday, October 4, 2023

කොරෝනා තත්ත්වය උත්සන්නවීම නිසා රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක්

- Advertisement -

යළිත් කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්නවීම නිසාවෙන් මේවන විට රෝහල් ගණනාවක කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන වාට්ටු පිරී ගොස් ඇතිබව අප වාර්තාකරුවන් පවසනවා.

ඒ අනුව ඇතැම් රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති අතර රෝහල් කිහිපයක් මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කෙරුණා.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තාවී රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනවීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බවයි.

කොවිඩ් ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදෙශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොවිඩ් රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙන තුරු තමන්ගේ ඒකකවල පහසුකම් වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත අදාළ ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඩ්‍රිගෝ මහතා පවසනවා..

රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ රෝහලේ පවතින කෝවිඩ් 19 රෝග තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෝවිඩ් මර්දන කටයුතු සදහා රෝහල් කාර්ය මණ්ඩල අවශ්‍යතාව මතුවීම නිසා මෙවැනි පියවරක් ගත් බවයි.

මෙම හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත්කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත්, රත්නපුර දිස්ත‍්‍රික් කොවිඩ් කමිටුවටත් රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් ලිඛිතව දන්වා යවා තිබෙනවා.

එසේම වාට්ටුවලට රෝගීන් ඇතුළත් කිරීමේ ද වෙනසක් ඇති කර ඇති බවත් ඉන් රෝගීන්ට කිසිදු බලපෑමක් නොමැති බවත් වෛද්‍ය අනෝජ් රොද්‍රිගෝ මහතා සදහන් කරනවා.

රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ලම කල්දමා ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දමා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

Breaking: සමාජ මාධ්‍ය පනතට කවුරුත් අත උස්සන්නේ නැහැ – මහින්ද (වීඩියෝ)

0
සමාජ මාධ්‍ය පනතට තමන්ගේ සහය නොලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...

සිරිපාලගේ සාකච්ඡාවෙන් පසුවත් ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදයි

0
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක්ම ප්‍රමාද වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් හේතු සෙවීම සඳහා පසුගියදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

විජේදාසගේ පුතාව දාපු ක්‍රිකට් කමිටුවට එරෙහි උසාවි නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...