26 C
Colombo
Monday, September 9, 2024

වඳවී යන අලි පරපුර

- Advertisement -

තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි තුරන් වී යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා.

ස්වභාවික නොවන හේතුන් මත වාර්ෂිකව සිදුවන අලි මරණ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි, ඇත් පරපුර තුරන් වන බවට ඔහු අනතුරු ඇඟවනවා.

මේ සඳහා නිසි පිළියම් නොයෙදුවහොත් කෞතුකාගාරවල තැන්පත් කොට ඇති හස්ති අනුරූවලින් පමණක් අලි ඇතුන් දැක බලා ගැනීමට සිදුවන බවයි නයනක රන්වැල්ල මහතා පවසන්නේ.

මේ වසර අවසන් වන විට, අලි 600කට ආසන්න ගණනක් මරණයට පත් වනු ඇතැයි අනුමාන කරන බව ද ඉකුත් 2010 වසරේදී අලි මරණ 227ක්, 2011 වසරේදී අලි මරණ 251ක්, 2012 වසරේදී අලි මරණ 250ක්, 2013 වසරේදී අලි මරණ 206ක්, 2014 වසරේදී අලි මරණ 230ක්, 2015 වසරේදී අලි මරණ 205ක්, 2016 වසරේදී අලි මරණ 279ක්, 2017 වසරේදී අලි මරණ 256ක්, 2018 වසරේදී අලි මරණ 318ක්, 2019 වසරේදී අලි මරණ 407ක්, 2020 වසරේදී අලි මරණ 328ක්, 2021 වසරේදී අලි මරණ 375ක්, 2022 වසරේදී අලි මරණ 439ක් සිදුව ඇති බවයි

ඒ අනුව ගත වූ 2010 වසරේ සිට 2022 වසර දක්වා අවුරුදු 12ක් තුළ වන අලි 3765ක් මිය ගොස් තිබෙන අතර මේ වසරේ ගත වූ මුල් මාස අටේදී වන අලි මරණ 271ක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතරින් අලි 57ක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර තවත් අලි 35 දෙනෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

හක්කපටස් හේතුවෙන් අලි 21ක් දෙනෙකු ද, ධාවනය වන දුම්රියවල ගැටී වන අලි 8 දෙනෙකු ද මියගොස් තිබෙන බව නයනක රන්වැල්ල මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට...

තාවකාලික හැඳුනුම්පතක්

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

දුම්රිය ස්ථානාධිපති කුඩු ඇදලා මාට්ටු

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා. එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...