28.3 C
Colombo
Tuesday, May 13, 2025

දෙවන ටෙස්ට් තරගයේ ජයත් එංගලන්තයට

- Advertisement -


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකාව ලකුණු 190කින් පරාජයට පත්වුණා.

ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකිවුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය ප්‍රථම ඉනිමට ලකුණු 427ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 251ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 292ක් පමණයි.

දෙපිල අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 6 වැනිදා ලන්ඩන්හි කියා ඕවල් පිටියේ ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර, මෙය සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 33කට පසු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලැබූ පළමු පරාජය ලෙසයි.

අද අවසන් වූ තරගයද ඇතුළුව දෙරට අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තරග 09ක් පැවැත්වී ඇති අතර, ඉන් අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් පරාජය වී තිබුණේ 1991 වසරේදීයි.

ඉන් අනතුරුව 2002 වසරේ සිට මීට පෙර පැවති තරග පහම ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට...

POPULAR ARTICLES

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී 6ක් රෝහලේ

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...