27.5 C
Colombo
Wednesday, October 4, 2023

ඉංග්‍රීසි ලංකාවේ ජාතික භාෂාවක් නොවේ..! – ඇමති වාසු

- Advertisement -

ඉංග්‍රීසි භාෂාව යනු ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් නොවන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම, මහාධිකරණ තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ඉංග්‍රීසි බස නොදත් බහුතර ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙරට ප්‍රධානතම ජාතික භාෂාවන් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් නීතිගත කර ඇත්තේ සිංහල සහ දමිල භාෂාවන් බවත් ඒ අනුව රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, මහා මාර්ග පුවරු, ගමනා ගමන සේවා වැනි අත්‍යාවශ්‍ය ප්‍රසිද්ධ මහජන සේවාවන් මෙන්ම පාර්ලිමේන්තුව, පළාත් සහා සහ පළාත් පාලන ආයතනයන් වෙත ද මෙම තත්ත්වය ව්‍යවස්ථානුකූලව වලංගු වන බවත් ඔහු පෙන්වා දෙනවා.

“එසේ වුවත්, මහාධිකරණය මඟින් නිකුත් කරන තීන්දු ප්‍රකාශට පත්කිරීමේ දී ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් වීම බොහෝ අවස්ථා ගැටලු සහගත මෙන්ම නිසි පරිදි ඉංග්‍රීසි භාෂාව නොදත් බහුතර ජනතාවකට සිදුවන අසාධාරණයක්.

ජාත්‍යාන්තර පිවිසුම සඳහා විදේශීය දැනුමට, අධ්‍යාපනයට සහ ජාත්‍යාන්තර සම්බන්ධීකරණ කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යාවශ්‍ය සහ වැදගත් භාෂාවක් වන අතර එය ශ්‍රී ලංකාව තුල ජාතික භාෂාවක් නොවන අතර එය සම්බන්ධීකරණ භාෂාවක් පමණ‍යි.

එසේ හෙයින්, මහාධිකරණ කටයුතු වලදී අදාල තීන්දු නිවේදන ප්‍රකාශයට පත්කිරීමේ දී සිංහල සහ දෙමළ භාෂා වලින් ද නිකුත් කිරීම විශේෂයෙන් වැදගත් වන අතර එසේ සිදුකිරීම තුලින් ජාතීන් අතර සමඟිය සහ සමාජ ඒකාබද්ධතාවය ද ගොඩනැඟෙයි.” යැයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.


RECENT ARTICLES - SINHALA

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...