26 C
Colombo
Wednesday, February 19, 2025

පාදෙණියට වාරණයක්

- Advertisement -

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු එම සංගමයේ නිළධාරීන්ට එරෙහිව දී මොරටුව දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා.

වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ගොනුකර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාව ප්‍රකාරව එම සංගමයේ කටයුතු පාලනය කිරීම සඳහා අතුරු පාලන කමිටුවක් පත් කරන ලෙස එක් වාරණ නියෝගයක් හරහා නියෝග කළ අධිකරණය දෙවන වාරණ නියෝගයක් හරහා ප්‍රකාශ කර සිටියේ අදාල අතුරු කමිටුව පත් කිරීම සඳහා සංගමයේ මහා සභා රැස්වීමක් කැඳවිය යුතු බවත්, ඊට කිසිදු බාධාවක් එල්ල නොකළ යුතු බවත් ය.

නිලවරණය නොපත්වා බලහත්කාරී ලෙස දිගින් දිගටම අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු නිළධාරී මණ්ඩලය අදාල තනතුරුවල සිටින බව පවසමින් චමල් සංජීව මහතා විසින් ගොනු කළ පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර නීතිඥයන් ප්‍රකාශ කළේ දින 14 ක කාලයක් සඳහා මෙම වාරණ නියෝග බලපැවැත්වෙන බවයි.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES