26 C
Colombo
Friday, March 29, 2024

අත්‍යවශ්‍ය ආහාර මිල හා විදුලි බිලත් ඉහළට

- Advertisement -

එළඹෙන උත්සව සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනික භාණ්ඩවල මිල තීරණය වන ආකාරය සම්බන්ධයෙන් තවමත් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව එම සංගමය පෙන්වා දෙනවා.

ඒ අනුව, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තීරණය වන ආකාරය පිළිබඳව ඉදිරි සතියේදී යම් එකඟතාවයකට එළඹීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

මේ අතර විදුලි බිලද වැඩිකිරීමේ අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඒ මහතා සදහන් කළේ අනෙකුත් භාණ්ඩ මිල වැඩිවීමට සාපේක්ෂව විදුලි බිලද ඉහළ නැංවිය යුතු බවයි.

“අනිවාර්යයෙන්ම විදුලි බිලත් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති වුණොත් මොකද වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම විදුලි බිල වැඩිකිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අනෙක් ඒවත් වැඩිවෙනවා වගේම. හැබැයි ඒක කවදා වෙයිද කියලා තමයි කියන්න බැරි.”

ඡායාරූප – ශෙහාන් ගුණසේකර


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...