පසුගිය වසරේදී හදිසි අනතුරකින් මිය ගිය ඉන්දීය සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ නිර්දය ප්‍රකාශයක් හේතුවෙන් ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු සේවයෙන් ඉවත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 23 හැවිරිදි ජානවී කණ්ඩුලා නමැති ඉන්දියානු තරුණියක් ඇගේ විශ්ව විද්‍යාල අසල මාවතකදී පොලිස් වාහනයක ගැටී මරණයට පත් වීම සම්බන්දයෙන් අදාළ නිලධාරියා මෙලෙස අවමන් සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.
ඇයගේ මරණයෙන් පසුව, ඇය ඉතාමත් සාමාන්‍ය වටිනාකමක් සහිත පුද්ගලයෙක් බවත් ඇයගේ මරණයට එක් චෙක්පතකින් ගෙවීමක් සිදු කිරීම ප්‍රමාණවත් වනු ඇති බවත් අදාළ පොලිස් නිලධාරියා සිනහ නඟමින් පවසා තිබෙනවා.
ඔහුගේ මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්ව තිබූ අතර ඊට විශාල පිරිසකගේ විරෝධතාවය මතුව තිබුණා.
ඒ අනුව, එම නිර්දය ක්‍රියා කලාපය හේතුවෙන් අදාළ නිලධාරියා සේවයෙන් පහ කිරීමට සියැටෙල් පොලිස් දෙපාර්තුමේන්තුව තීරණය කර තිබෙනවා.