32 C
Colombo
Friday, March 31, 2023

යුරෝපා සංගමයේ ආධාර ලත්, TAMAP ශ්‍රී ලංකාවේ ඩිජිටල් කාෂිකර්මාන්ත දැනුවත්භාවය ඉහළ නංවයි

- Advertisement -

කෘෂිකාර්මික කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳ රජයේ කෘෂිකර්ම නිලධාරීන් 400 දෙනෙකු සහ ප්‍රධාන පෙළේ කෘෂි නිෂ්පාදන ගැනුම්කරුවන් 100 දෙනෙකු පුහුණු කිරීමේ වැඩසටහනක් ඇරඹීමට, යුරෝපා සංගමයේ ආධාර ලත්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන (TAMAP) පියවර ගෙන තිබේ. මේ යටතේ මුළු දිවයිනම ආවරණය වන ලෙස පුහුණු වැඩමුළු 9ක් සංවිධානය කිරීමට නියමිතය.

කොවිඩ්-19 වසංගතය නිසා දුර්වල වූ ආහාර සැපයුම් දාම යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව මෙන්ම, විශේෂයෙන්ම කුඩා පරිමාණ ගොවීන්ගේ සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමේ හැකියාව ඩිජිටල් තාක්ෂණය සතු වේ.

ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් තත්කාලීන කෘෂිකාර්මික තොරතුරු ලබාගත හැකිවීම නිසා, ගොවීන්ට මනා අවබෝධයකින් යුතුව තම නිෂ්පාදන හා ප්‍රවාහන කටයුතු පිළිබඳ තීරණ ගැනීමට හැකිවේ. එබැවින් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් කෘෂිකර්මාන්ත භාවිතය නැංවීමට TAMAP ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබේ.

පළාත්බද මට්ටමින් ඩිජිටල් කෘෂි යෙදවුම් (apps) පිළිබඳව රජයේ කෘෂිකර්ම නිලධාරීන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සංවිධානය කෙරෙන මෙම වැඩමුළු මාලාවේ පළමුවැන්න 2020 දෙසැම්බර් මස මාතරදී පැවැත්වුණි.

TAMAP හි ඩිජිටල් කෘෂි විශේෂඥ බන්දුල නිශ්ශංක මහතා එය මෙහෙයවීය.

තවත් පුහුණු වැඩමුළු ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

“මෙම පුහුණු වැඩසටහන්වල අරමුණ වන්නේ ඩිජිටල් කෘෂි යෙදවුම් පිළිබඳව තම රාජකාරි සගයින් පුහුණු කළ හැකි ‘පුහුණු උපදේශකයින්’ කණ්ඩායමක් නිර්මාණය කරගැනීමයි.

ඒ හරහා තම රාජකාරි සගයින් අතර මෙම ඩිජිටල් කෘෂි යෙදවුම් ප්‍රචලිත කළ හැකි සහ ඒ හරහා ගොවීන් ඇතුළු කෘෂි වටිනාකම් දාමයේ සෙසු පාර්ශ්වකරුවන්ට එම යෙදවුම් හඳුන්වාදිය හැකි රාජ්‍ය නිලධාරී සංචිතයක් නිර්මාණය කරගැනීමට අපට හැකිවේවි” යනුවෙන් TAMAP ව්‍යාපෘති කළමනාකරු බාර්ට් ප්‍රොවූස්ට් මහතා ප්‍රකාශ කළේය.

“වර්තමානය වනවිට විවිධ රාජ්‍ය ආයතන සඳහා කෘෂි ක්ෂේත්‍රයේ සේවා කටයුතු සිදුකරන නිලධාරීන් 5,000කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. අපි මුල් වටයේදී එම රාජ්‍ය නිලධාරීන් අතරින් පිරිසක් තෝරාගනු ලැබුවා.

ඔවුන් තමන් නියෝජනය කරන රාජ්‍ය ආයතනය තුළ අදාළ ඩිජිටල් කෘෂි යෙදවුම් පිළිබඳ දැනුම ලබාගන්නා ප්‍රධාන නිලධාරියායි.

ඉන්පසුව ඔවුන් හරහා ඔවුන්ගේ රාජකාරි සගයින්ටත්, ඉන් අනතුරුව දිස්ත්‍රික්ක පදනමින් කුඩා පරිමාණ ගොවීන්ටත් මෙම තාක්ෂණ දැනුම ගමන් කරනු ඇත”, යැයි බන්දුල නිශ්ශංක මහතා ද පැවසීය.

මෙම වැඩසටහන අතරතුරදී කෘෂිකර්ම අමාත්‍යංශය සතු ජාතික කෘෂිකර්ම දත්ත ගබඩාව වැනි දේශීය ක්‍රමවේද පිලිබඳව ද සාකච්ඡා කෙරුණි.

තව ද ඉන්දියාව වැනි රටවල් ඇසුරින් ඩිජිටල් කෘෂිකර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ද මෙහිදී අවධානයට යොමුවිය.

එමෙන්ම ඩිජිටල් කෘෂිකර්ම සේවා සම්බන්ධ ඉල්ලුම හා ඒවා භාවිතය පිළිබඳ කණ්ඩායම් ක්‍රියාකාරකම් හා අන්තර් ක්‍රියාකාරකම් ද මෙම වැඩමුළුවල අන්තර්ගත විය.

මෙම වැඩමුළු අතරතුර පැවැති තවත් විශේෂ අවස්ථාවක් වූයේ, විවිධ පළාත්වල සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් ඩිජිටල් කෘෂිකර්ම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ‘උපායමාර්ගික ක්‍රියා සැලැස්මක් නිර්මාණය කිරීම ය.

මෙම වැඩපිළිවෙල හරහා වෙළඳපොළ අවස්ථා පුළුල් කරදෙමින්, පාරිභෝගිකයින්ට සාධාරණ මිලක් මෙන්ම උසස් තත්ත්වයේ කෘෂි නිෂ්පාදන පරිභෝජනය කිරීමේ අවස්ථාව සලසාදෙන ඩිජිටල් කෘෂි සේවා පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කෙරේ.

එය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත අංශය තුළ නව්‍යකරණය සඳහා නවෝත්පාදන විසඳුම් සපයන TAMAP වැඩපිළිවෙලට ද සහාය වේ.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...