29 C
Colombo
Sunday, March 16, 2025

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර වෙළඳ කවුන්සිලයක්

- Advertisement -

කෘත්‍රිම බුද්ධිය, පරිගණක තාක්ෂණ, අර්ධ සන්නායක සහ සයිබර් ආරක්‍ෂාව ඇතුළු ක්ෂේත්‍ර රාශියකට අදාළ කෙරෙන තාක්‍ෂණය හුවමාරු කර ගැනීමට හැකියාව ඇති නව වෙළඳ හා තාක්ෂණ කවුන්සිලයක් (TTC) පිහිටුවීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ යුරෝපා සංගමය පසුගියදා නිවේදනය කර තිබේ.

ඉන්දියාව සමඟ පිහිටුවන තාක්ෂණ කවුන්සිලය, යුරෝපීය සංගමය 2021 ජුනි මාසයේදී එක්සත් ජනපදය සමඟ ඇති කර ගත් පළමු තාක්ෂණ කවුන්සිලයට පසුව පිහිටුවන දෙවන තාක්‍ෂණ හවුල්කාරිත්වයයි.

TTC යනු උපායමාර්ගික සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් වන අතර එය වෙළඳාම, විශ්වාසදායක තාක්‍ෂණය සහ ආරක්ෂාව සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට හවුල්කරුවන්ට ඉඩ සලසන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එබැවින් ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර මෙම ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කරනු ඇති බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

TTC යටතේ, ක්‍රියාකාරී කණ්ඩායම් තුනක් පිහිටුවා ඇත. පළමු ක්‍රියාකාරී කණ්ඩායම උපාය මාර්ගික තාක්ෂණයන්, ඩිජිටල් පාලනය සහ ඩිජිටල් සම්බන්ධතාව මත ක්‍රියාත්මක වන අතර, දෙවන කණ්ඩායම හරිත හා පිරිසිදු බලශක්ති තාක්ෂණයන් ආවරණය කරනු ඇත. තෙවන ක්‍රියාකාරී කණ්ඩායම වෙළඳාම, ආයෝජන ආවරණය කරන බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES