32 C
Colombo
Wednesday, March 19, 2025

Breaking: යුරෝපා සංගමයෙන් යුක්‍රේනයට අවි ආයුධ

- Advertisement -

යුරෝපා සංගමය විසින් යුක්‍රේනයට අවි ආයුධ මිලදීගැනීම සදහා මූල්‍යමය ආධාර සපයන බව යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය පවසනවා.

ඇය සදහන් කරන්නේ පළමු වතාවට, ප්‍රහාරයට ලක්ව ඇති රටකට ආයුධ සහ අනෙකුත් උපකරණ මිලදී ගැනීම සහ බෙදා හැරීම සඳහා යුරෝපා සංගමය මූල්‍යාධාර සපයන බවයි.

යුරෝපා සංගමය රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බවත්, රුසියානු මිත්‍ර බෙලරුස් ඉලක්ක කර පියවර ගන්නා බවත්, රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ආරක්ෂා වීමට යුක්රේනයට අරමුදල් ලබා දෙන බවත් එම සංගමයේ ඉහළ නිලධාරීන් ඊයේ (27) ප්‍රකාශ කළා.

යුරෝපා සංගමය පවසන්නේ රුසියානු ධනවතුන්ගේ පෞද්ගලික ජෙට් යානා ඇතුළු රුසියානු ගුවන් යානා සඳහා යුරෝපා සංගමයට අයත් රටවල්වල ගුවන් සීමාව වසා දමන බවයි.

එමෙන්ම රුසියානු රජයට අයත් රූපවාහිනී ජාලයක් වන Russia Today සහ ස්පුට්නික් ප්‍රවෘත්ති ඒජන්සිය
තහනම් කිරීමටද කටයුතු කර තිබෙනවා.

උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය පවසන්නේ රුසියාවට පුටින්ගේ යුද්ධය සාධාරණීකරණය කිරීමට සහ අපගේ සංගමයේ බෙදීම් වැපිරීමට මෙන්ම ඔවුන්ගේ බොරු පතුරුවා හැරීමට නොහැකි වන පරිදි මෙම තීරණය ගත් බවයි.


RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...