මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු ඊයේ(23) ජීවිතක්ෂයට පත් වුණු බවට තොරතුරු වාර්තා වුණා.
කෙසේවෙතත්, ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ සිරෝසිස් රෝගී තත්ත්වය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.
ගම්පොළ, උලපනේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබුණා.
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ මෙම රෝගියා ගම්පොළ රෝහලෙන් මහනුවර රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවා ඇති අතර ඔහුට දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක්ම වැළදී තිබූ බවයි.
මරණ පරීක්ෂණයෙන් එම රෝගියා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවද ඇය තවදුරටත් පවසා තිබෙනවා.