26.1 C
Colombo
Sunday, May 18, 2025

රුසියානු – යුක්‍රේන යුද්ධයට ගිය ලාංකිකයින් ගැන අනාවරණයක්

- Advertisement -

රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වූ  ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 464ක් ලැබී ඇති බව තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

කෙසේවෙතත්, රුසියාවට ගිය පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැක බව ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම, රුසියානු – යුක්‍රේන යුද්ධයේදී මියගිය අය සඳහා වන්දියක් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීමට එකඟතාවට පළ වූ බවද තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

“බොහෝ අය ඉන්දියාවට හෝ මැද පෙරදිග රටවල්වලට ගිහින් තමා රුසියාවට ගිහින් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ලංකාවෙන් රුසියාව ගියා ද කියන එක ගණනය කරන්න අපහසුයි. නමුත් පැමිණිලි ආවේ 464 දෙනෙකුගෙන් විතරයි. ඒ නිසා මුලිකව ඒ අය ගැන කතා කරනවා.”

“මේ අය රුසියාවට ගියාට පස්සේ ආරක්ෂක අංශ එක්ක ගිවිසුම් ගතවෙලා තියෙනවා රුසියානු හමුදාවට එක්වෙලා සටන් කරන්න. ඔවුන් ඒ ගිවිසුම් ගැන දැනුවත් නෑ කියන එක තමා අපිට දැනුවත් කරලා තිබුණේ. හැබැයි මේක නීතියානුකූලව වලංගු ගිවිසුමක්. දැනට අපිට පවුල්වල අය දැනුම්දීලා තියෙනවා 126ක විතර සම්බන්ධ කරගැනීම අපහසුයි කියලා. ඒකෙන් අදහස් වෙනනේ නෑ ඔවුන් මියගිහින් කියලා.”

RECENT ARTICLES - SINHALA

මරණීය තර්ජන නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES