31 C
Colombo
Friday, April 19, 2024

ඉන්ධන මිල වැඩි කළත් ඩීසල් වැඩි වෙන්නෑ

- Advertisement -

රජය ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළහොත් බස් ගාස්තුද වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසනවා.

කොවිඩ් වසංගතය මධ්‍යයේ, වර්තමානයේ බස් කර්මාන්තය අභියෝග රැසක් මත ක්‍රියාත්මක වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් ඇති බැවින් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට සිදුවෙනු ඇති බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ. මේ වන විටද බස් ධාවනය සිදුවන්නේ 30%ක් පමණක් බවත් එමෙන්ම, අදාළ අමතර කොටස් සහ ටයර් මිලද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර, ඉන්ධන මිල ඉහළ ගියහොත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය බරපතළ ගැටළුවකට මුහුණ දෙනු ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද පවසන්නේ.

කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ දැමීමට මේ වන තුරුත් රජය තීරණයක් ගෙන නොමැති බවත් පසුගිය අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු බස් හිමියන් සමග සාකච්ජාකොට ගාස්තු සංශෝධනයකට නොගොස් සිටි බවත් අමාත්‍යවරයා පවසා සිටිනවා.

යම් හෙයකින් ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළත් ඩිසල් මිල වැඩි නොකර එම පාඩුව රජය විසින් දරාගැනීමක් සිදුකොට බස් ගාස්තු ඉහළ යාම වැළැක්වීමට උත්සහ දරන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට රජය කටයුතු කළහොත් පාසල් ආරම්භ වීමෙන් පසු පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන්රථ සේවාවල ගාස්තු ද ඉහළ නංවන බවයි සංමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටලු විසදන්න අපිට බලයක් නැහැ- මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය...

සිරිල් ගාමිණි පියතුමා CIDයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට “ඥානාර්ත ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...