27.8 C
Colombo
Thursday, July 17, 2025

වැඩි මිලකට වී ගත්තත් හාල් මිල වැඩි කරන්නේ නැහැ – ලාල්කාන්ත

- Advertisement -

ගොවියාගේ පාර්ශවයෙන් බලන විට වී මිල සම්බන්ධයෙන් හෝ වී විකුණා ගැනීමට න‍ොහැකිවීමේ හෝ ප්‍රශ්නයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මෙතෙක් කලක් පැවති ගැටළුව වූයේ නිෂ්පාදන මිලටත් වඩා අඩුවෙන් වී විකිණීමට සිදුවීම අතර, මෙවර එම ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳී ඇති බවත්, පෞද්ගලික අංශයෙන් වී මිලදී ගැනීම සිදු කරන නිසා ගොවීන් හට වී විකුණා ගැනීම ගැන ප්‍රශ්ණයක් නැති බවයි.

රජයේ අවම වී මිල රුපියල් 120/- ලෙස ප්‍රකාශ කිරීමෙන් ඊට වැඩි මිලකට වී මිලදී ගැනීම සිදුවන නිසා ගොවියාට කිසිදු ගැටළුවක් ඇති වී නොමැති බවත් ඉදිරියේදී ගැටළුවක් මතුවනු ඇත්තේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බවත් ලාල්කාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

ඉහළ මිලකට වී මිලදී ගැනීමේදී වී මෝල් හිමියන්ගේ පාර්ශ්වයෙන් සහල් මිල වැඩි කිරීමේ නැඹුරුතාවයක් ඇති බවත්, නමුත් ඔවුන් කුමන මිලකට වී මිලදී ගත්තත් සහල් මිල ප්‍රකාශ කර අවසන් බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඔහු පවසන්නේ, පාරි‍භෝගික අධිකාරිය ශක්තිමත් කර සහල් මිල සම්බන්ධ තීරණය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම කිසිසේත්ම සහල් මිල ඉහළ නොදමන බවත්, පාලන මිලට වඩා සහල් විකුණන අය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කුණු ට්‍රැක්ටර්වලින් රැස්වීමට ආපු මන්ත්‍රිවරු

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් ඊයේ(16) මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ...

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

POPULAR ARTICLES