28.4 C
Colombo
Saturday, June 21, 2025

නාමල්ගෙ බිල ගෙව්වත් නඩුව තියනවා

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු බවට පැවසු ලක්ෂ 26 ක විදුලි බිල, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගෙවා දැමුවත්, තවදුරටත් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ නීතීඥ විජිත කුමාර මහතා පවසනවා.

මෙම නීතීඥවරයා විසින් පසුගිය මස 2 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මීට අදාළ පෙත්සමක් ගොනුකර තිබුණා.

එහිදී ඔහු ඉල්ලා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය පැවති දිනයේ විදුලිය ලබාගැනීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රජයේ විගණකාධිපතිවරයාට නියෝගයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් අදාළ විදුලි බිල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ගෙවා දමා තිබූ අතර, ඉන් පසුව ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ තමන් මේ පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

තමන් නමට විදුලි බිලක් නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද(03) පැවති සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

O/L ප්‍රතිඵල ගැන පුවත: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත...

පුංචි ඡන්දය: සභිකයින් 200කගේ නම් තාමත් නැහැ

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

POPULAR ARTICLES