සිගරට් සඳහා අයවැයෙන් පැනවූ රුපියල් 5ක බද්ද නිෂ්පාදන බද්දක් වීම හේතුවෙන් ඇතැම් සිගෙට්වල මිල රුපියල් 5කට වඩා වැඩි මුදලකින් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පවසනවා.
ඔහු පවසන්නේ අයවැයෙන් පැනවු බද්ද සිගරට් නිෂ්පාදනය කරන අවස්ථාවේදීම පැනවිය හැකි එකක් වීම හේතුවෙන් නිෂ්පාදන සමාගම් සිගරට් අළෙවි කළද නොකළද බද්ද ගෙවීමට සිදුවීම නිසා මිල බද්දට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.
අයවැයෙන් සිගරට් බද්ද රුපියල් 05කින් ඉහළ දැමීමෙන් පසුව ඇතැම් සිගරට් වර්ගවල මිල වෙළෙඳපොළ තුළ රුපියල් 10 කට අසන්න ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවට පාරිභෝගිකයන් පවසනවා.