30 C
Colombo
Monday, March 20, 2023

චීන නැවට අවසරය ලැබුන හැටි ඇමතිවත් දන්නේ නෑ..! – මෛත්‍රීපාල

- Advertisement -

චීනයේ යුවාන් වෑන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණිම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමැතිය ලබා දී ඇත්තේ විදේශ අමාත්‍යවරයා පවා දැනුවත් කිරීමෙන් තොරව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ඒ අනුව රටවල් අතර අර්බූදයක් ඇතිවන මට්ටමට මෙම ප්‍රශ්නය දුරදිග යෑම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ පසුගිය ජුනි මස 28 වැනිදා යි. ඒ අනුව, එම නෞකාව ට ජූලි 12 වැනිදා හම්බන්තොට වරායට සේවා පහසුකම් ලබා ගැනීම සඳහා ඇතුළු වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එම අවසර නිකුත් කිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කර නැහැ.

ඒ ලද අවසරය අනුව මෙම නෞකාව ශ්‍රී ලංකාව බලා චීනයෙන් පිටත්ව ඇති අතර ඉන්දියාවෙන් එල්ල වන පීඩනය හමුවේ විදේශ කටයුතු අමාත්‍යංශය නැවතත් මෙම පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම දින කිහිපයකින් කල් දමන ලෙස පවසා ඇත්තේ එය දියත් කර දින 24 ක් මුහුදේ යාත්‍රා කිරීමෙන් ද පසුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.

කෙසේ වෙතත් කලින් ලද අවසරය අනුව සැලසුම් කර සිදුකෙරුණු මෙම නාවික ගමන අනුව හෙට දිනයේ දී අදාළ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුනා.

කෙසේ වෙතත්, ලබන 15 වැනි දා දක්වා හම්බන්තොට වරායට ඇතුළු වීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ නෞකාව ට සිදුකළ දැනුම්දීම සමගින් එහි පර්යේෂණ කටයුතු සහ සේවා කටයුතුවල යෙදෙන 2000කට ආසන්න පිරිසකට ආහාර සහ ජලය පවා අහිමි වීමේ අවදානමක් ඇති බවත් තව දින දෙකකින් චීනයේම නිෂ්පාදිත පී.එන්.එස් තයිමූර් (PNS Taimur) නැමති පාකිස්ථාන නාවික හමුදාවට අයත් මිසයිල දියත් කළ හැකි යුද නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිත බවත් මෙහිදී තවදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

මෙලෙස එකම රටක නෞකා 2කට දෙවිදිහකට සැලකීම ජාත්‍යන්තර සබඳතා බරපතල ලෙස පළුදු කරන කාරණයක් බවත් තමන් විසින් ශක්තිමත් කරන ලද විදෙස් සම්බන්ධතා පසුගිය වසර 3 ක කාලය තුළදී බරපතළ ලෙස බිඳ වැටුණු බවත් මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.