28.2 C
Colombo
Saturday, April 20, 2024

පොහොට්ටුවේ ප්‍රබල‍යින් පවා අයින් වෙනවා; රට අස්ථාවරයි..! – විමල්

- Advertisement -

MCC ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් මෙරටට පැමිණෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, ඊයේ (22) පැවති ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අවලස්සන ඇමරිකානුවෙකු විසින් රට ඒ දිශාවට ඇදගෙන යමින් ඇති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අද ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂයේ බලකණු පවා තමන්ගෙ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා මේ තියෙන බල පෙරේතකමට එරෙහිව. ඒ වගේම ඒ ඇමරිකන් හිතවාදීන්ගේ මේ රට කොලනිගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව. ඉතින් අපි විශ්වාස කරනවා ඉතා බලවත් ක්‍රියාමාර්ග ඉදිරි කාලය තුළ ගන්න. රටේ තත්වය ඉතාම කණගාටුදායකයි. මේ රට අද නායකත්වයක් නැති විදිහේ ඉතාම අස්ථාවරත්වයක් කරා ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ඒ තත්වය වෙනස් කිරීම සඳහාත් ගතයුතු පියවර අපි සාකච්ඡා කළා”

ප්‍රශ්නය –

“තානාපති කාර්යාල කිහිපයකුත් වහලා තියෙනවා මේ ඩොලර් ප්‍රශ්නය නිසා ?”

විමල් වීරවංශ මහතා –

“දැන් ආණ්ඩුවේ මුදල් කියනවා විදුලි කපන එක, ගෑස් හිඟය, අර පෝලිම් මේ පෝලිම් ඔක්කොම ලබන සතියෙන් පස්සෙ නැතිවෙනවා කියලා. කවුරුහරි හිතන් ඉන්නවා නම් ඉන්දියාවෙන් හරි කොහෙන් හරි කීයක් හරි හිඟමනට අරන් ඇවිල්ලා ඒකෙන් මේ ප්‍රශ්නෙ විසඳාගන්න පුළුවන් කියලා, ඒක වෙන්නෙ නෑ. ඊළඟ අවුරුද්ද වෙනකොට ප්‍රශ්නෙ තවත් බරපතළ වෙනවා. දැන් මෙතන කරන්න ඕනෙ දේ නෙවෙයි කරන්නෙ. මේ ඇතිවෙන අරාජිකත්වය, මිනිස්සුන්ගෙ දුක, පීඩාව පාවිච්චි කරලා ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕනෙ දොළ පිදේනි දෙන එක මේ කරන්නෙ. ගිවිසුම් තුනක් අත්සන් කරලා පස්සෙ තමයි කැබිනට් අනුමැතියට එන්නෙ.

ඊළඟට මේ රටේ රාජ්‍ය දේපළ බොහෝ ප්‍රමාණයක් දෙන්න හදනවා විදේශිකයින්ට. ඒ වගේම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජිතවරියක් ඇතුළු කිහිපදෙනෙක් එනවා ලංකාවට MCC නැවත වෙනත් ආකාරයකින් පටන් ගන්න. මේක මේ රටේ ප්‍රගතිශීලී දෑහිතකාමී ජනතාව හදාගත්ත ආණ්ඩුවක්, අද අවලස්සන ඇමරිකානුවෙකු විසින් මේක ඒ පැත්තට ඇදගෙන යමින් තියෙනවා. ඒකට ඉඩ දියයුතු නෑ. ඒකට ඇදගෙන යන්න නම් රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න ඕනෙ. හොම්බෙන් යන්න ඕනෙ. ඒ හොම්බෙන් යවන එක තමයි මේ කරන්නෙ නෑ නෑ ප්‍රශ්නයක් නෑ, සතියෙන් පස්සෙ හොඳයි කිය කියා”

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...