ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා.
පොලීසිය කියා සිටියේ එම මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45ක ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
කලක සිට මියගිය පුද්ගලයා දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙක් බවයි මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පසුගිය 27 වනදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ ඇති අතර ඊයේ (28) උදෑසන නිවසින් පිටව ගොස් තිබෙනවා.
කොටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
කෙසේ වෙතත් පසුගිය කාලයේ අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරු කිහිපයක් ගාලු මුවදොර වෙරළ තීරයෙන් හමුවුණා.