29.1 C
Colombo
Friday, April 26, 2024

මානව හිමිකම් කොමිසම විහිළුවට ගනිමින් අදත් ලයිට් කපයි

- Advertisement -

විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවයි.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටු වීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410ක් අවශ්‍යය බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඊයේ (25) දිනයේ දී විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බවද ඒ මහතා පෙන්වා දෙනවා.

සභාපතිවරයා කියා සිටින්නේ විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදුව සිදු නොකළත් යම් කිසි ප්‍රදේශයකට විදුලිය විසන්දි වුයේ නම් එය වෙනත් දෝෂයක් බවයි.

නමුත් පවතින තත්ත්වය මත රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉන්ධන නොමැතිව විදුලිය සැපයිය නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වුයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ඒ මහතා කියා සිටිනවා.

මානව හිමිකම් කොමිසමේ ඊයේ (25) පැවැති සාකච්ඡාවට මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගී වූවත් එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ඊයේ (25) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ කොන්දේසී කිහිපයකට යටත්ව උසස් පෙළ විභාග කාල සීමාවේ විදුලිය අඛණ්ඩව සැපයීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ දී බලධාරීන් එකඟ වූ බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...