23 C
Colombo
Thursday, February 13, 2025

ඡන්දහිමි නාම ලේඛනයට හැම පුරවැසියෙක්ම ඇතුලත් වෙන්න ඕන

- Advertisement -

ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ) රසික පීරිස් මහතා පවසනවා.

සෑම වර්ෂයකම පෙබරවාරි මස 01වැනිදා ඡන්දහිමියන් සඳහා ලියාපදිංචි වීමේ දිනය බැවින් එදිනට තමන් පදිංචිව සිටින ලිපිනය ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් වන බවත් එම දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම යන කාරණා සැළකිල්ලට ගෙන ප්‍රධාන ඡන්දහිමි නාම ලේඛනයට නම් ඇතුලත් කිරීමට කටයුතු කරන බවත් රසික පීරිස් මහතා පැවසුවා.

ඡන්දහිමි නාම ලේඛනයට පුරවැසියන්ගේ නම් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

2025 වර්ෂයේ ප්‍රධාන නාම ලේඛණයට නම් ඇතුලත් කිරීමට 2007 ජනවාරි 31 හෝ ඊට පෙර උපන් තැනැත්තන් සුදුසුකම් ලබන බවත් ගණන් ගන්නා දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම සහ ශ්‍රි ලාංකික පුරවැසියෙක් වීම යන කාරණ දෙක එහිදි ප්‍රධාන ලෙස සළකා බලන බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.

මෙම වර්ෂයේ ඡන්දහිමියන් ගණන් ගැනීම සඳහා ගණන් ගැනීමේ නිලධාරී සෑම ගෘහයකටම යෑම සිදු නොවන බවත් “අ” සහ “ආ” ලැයිස්තු යාවත්කාලීන කිරීම සදහා තොරතුරු එක් රැස්කිරීමට පමණක් ගෘහ වෙත යෑම සිදුකරන බවත් ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා හෙට (13) ගිණුම් වලට බැර කිරීමට නියමිතයි. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, මෙලෙස රුපියල් 12,555,651,250ක මුදලක්...

POPULAR ARTICLES