28.2 C
Colombo
Wednesday, April 24, 2024

ලංකාවට කරපු වගේ උදව් හැම රටක්ම අපෙන් ඉල්ලුවා – බංග්ලාදේශ අගමැතිනී

- Advertisement -

ඩොලර් මිලියන 200ක මුදලක් හුවමාරු පහසුකමක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමෙන් පසු බොහෝ රටවල් තමන්ගෙන් එවැනි උදව් ඉල්ලූ බව බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීන් මහත්මිය පවසනවා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තුමිය මේ බව කියා සිටියේ එරට ඊයේ (27) පැවැති සමුළුවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය “අපි අපේ සංචිතයෙන් ශ්‍රී ලංකාවට උදව් කර තිබෙනවා. ඊට පස්සේ මට රටවල් ගණනාවකින් එවැනි උදව් ඉල්ලුවා. එත් මේ වෙලාවේ අපිට ඒ වගේ උදව් කරන්න බැහැ”.

පසුගිය වසරේ මැයි මාසයේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුවක් ලබා දුන්නා.

එය බංග්ලාදේශ මහ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්සන් කරන ලද මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ අගෝස්තු 3 වන දින බංග්ලාදේශය විසින් ඕනෑම රටකට ලබාදුන් පළමු ණය මුදල ලෙස සැලකෙනවා.

RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...