28.4 C
Colombo
Friday, April 26, 2024

අර්බුදයට සියළු දෙනා වගකිව යුතුයි..! – ගෝඨාභය

- Advertisement -

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (23දා) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින්

කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙ ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා යෝජනා සහ අදහස් අපේක්ෂාවෙන් සමුළුව කැඳවා තිබිණ. පක්ෂ නායකයෝ සහ නියෝජිතයන් සිය යෝජනා ලිඛිතව හා වාචිකව සභාවට ඉදිරිපත් කළ අතර රටත් ජනතාවත් වෙනුවෙන් සිය උපරිම දායකත්වය සහ කැපවීම සර්ව පාක්ෂික සමුළුවට ඉදිරියේ දී ලබාදෙන බව ද පක්ෂ නායකයන් සහ නියෝජිතයන් කියා සිටින ලදි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් ආර්ථික තත්ත්වය සමුළුවට ඉදිරිපත් කරන ලදි.

සර්ව පාක්ෂික සමුළුව අවංක ප්‍රයත්නයක් වන අතර කිසිඳු දේශපාලන වාසි අපේක්ෂාවක් හෝ පටු අරමුණක් ඒ තුළ නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කරන ලදි. රජය කළ ආරාධනය පිළිගත් සහ ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනිමින් සහභාගී වූ සියලුම පක්ෂවලට ජනපති සිය ස්තූතිය පිරිනැමූ අතර සහභාගී නොවූ සෙසු පක්ෂ වලට පැමිණ සිය ස්ථාවරය සර්ව පාක්ෂික සමුළුව හමුවේ ප්‍රකාශ කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටින ලදි. ඉදිරිපත් කළ සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට හැකි බව ද කියා සිටියේය.

ඇතිවී තිබෙන ප්‍රශ්න වලට සියලු දෙනාම වගකිව යුතු බවත් එබැවින් සියළු දෙනාම එක්වී ඊට පිළියම් සෙවිය යුතු බවටත් මෙහිදී ජනාධිපතිවරයා යෝජනා කර සිටියා.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, එක්සත් ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, යන දේශපාලන පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.

ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

May be an image of 1 person and indoor
May be an image of 2 people, people sitting and people standing
May be an image of 3 people, people sitting and people standing

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...