29 C
Colombo
Friday, March 29, 2024

අපයෝජනයට ලක්වූ ළමයින්ගේ සාක්ෂි, වීඩියෝ පටිගත කිරීමට පළාත් මට්ටමින් ඒකක 9 ක්

- Advertisement -

අපයෝජනයට ලක්වූ ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා පළාත් මට්ටමින් ඒකක 9 ක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විවිධ අපචාර හා අපයෝජනයන්ට ලක්වූ ළමුන් විසින් එම සිද්ධියට අදාළව ලබාදෙන සාක්ෂි අධිකරණ ක්‍රියාවලියේදී ඉතා වැගත් වුවද එලෙස වින්දිතභාවයට පත්වූ ළමයෙකුට අධිකරණයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමේදී විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව 1990 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත මඟින් හදුන්වාදී ඇති සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් වශයෙන් ලබාගෙන ඉදිරිපත් කිරීම සඳහා වූ ප්‍රතිපාදනය මෙහිදී භාවිතා කිරිමට හැකියාව ඇති බව අදාළ යෝජනාවෙහි සදහන්.

දැනට මෙම ක්‍රමය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් 2001 වසරේ සිට වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් පිහිටුවා කොළඹදී පමණක් සිදුකරමින් පවතිනවා.

එම පහසුකම පළාත් මට්ටමින්ද ඇති කිරීමට හැකිවන පරිදි දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි රෝහල් ආශ්‍රිතව වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9 ක් පිහිටුවීමට අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා යෝජනා කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නව විදුලිබල පනත ළඟදීම

නව විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක තුළ ගැසට් කර අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා...

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...