25 C
Colombo
Saturday, December 9, 2023

කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ කැනීම් කටයුතු නැවත අරඹයි

- Advertisement -

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන තෙවැනි අදියරේ කැනීම් කටයුතු අද(20) නැවත ආරම්භ කර තිබෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝග යටතේ සමූහ මිනිවළ පැවති ස්ථානයේ කැනීම් කටයුතු තෙවැනි අදියර යටතේ නැවත ආරම්භ කළ බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව මහතා පැවසුවා.

මිනිවළ තුළින් ගොඩගත් මිනිස් අස්ථි කොටස්වල පරීක්ෂණ වෙනුවෙන් මිනිවළ කැනීම් කටයුතු සැප්තැම්බර් 15 වැනිදා තාවකාලිකව නවතා දැමුනු ලැබුවා.

එහිදී සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු දෙවැනි අදියර නවතා දැමීම සම්බන්ධයෙන් කැනීම් භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, සමූහ මිනිවළ තුළින් දැනට ලැබී තිබෙන සාක්ෂි විශ්ලේෂණය වෙනුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව මාස දෙකක කාලයකට නවතා දමන බවයි.

කැනීම් නිළධාරීන් පවසන්නේ සමූහ මිනිවළ මේ දක්වා අවස්ථා දෙකකදී කැනීම් සිදුකළ අතර, කැනීම් තුළින් පූර්ණ මිනිස් අස්ථි කූඩු 17 ක අස්ථි කොටස් ගොඩ ගැනීම සිදුකළ බවයි.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ දෙවැනි වතාවට කැනීම දින නමයක් සිදුකර තිබෙනවා.

එහිදි පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් හා පතුරම් උණ්ඩ වැනි කොටස් තුනක් හා එල් ටි ටි සංවිධානයේ සාමාජිකයින් හදුනාගැනීමට පළදින ලද යැයි කියන අංක තහඩු පහක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුව ඇති බවද කැනීම් නිළධාරීන් සඳහන් කළා.

කැනීම් තුළින් හමුවු අස්ථි කොටස් අතර කාන්තා තනපට දැක ගැනීමට හැකිවන බැවින්, මේ දක්වා හමුවු සියළු සිරුරු කාන්තාවන්ගේ විය හැකි බවට සැක කරන බව මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසනවා.

මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව මහතා පැවසුවේ ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවයි.

කැනීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බව මුලිකව දැක ගැනීමට හැකි වන බව කැනීම් නිලධාරීන් සඳහන් කරනවා.

ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය ජුනි 29 වැනිදා පළමුව හමුව තිබුණා.

අස්ථි කොටස් හමුවු ස්ථානය පසුගිය ජුනි 30 වැනිදා පරීක්ෂා කළ මතභේදාත්මක සේවා හැරයාමක් සිදුකළ මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා විසින් ස්ථානයේ කැනීම් කටයුතු ජුලි 06 වැනිදා සිදුකරන ලෙසට පළමුව නියෝග කළා.

ඒ අනුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කටයුතු පළමු වතාවට ජුලි 06 වැනිදා සිදුකිරීමෙන් පසු නවතා දැමුවා.

පසුව සමූහ මිනිවළ කැනීම් කටයුතු දෙවැනි අදියර යටතේ සැප්තැම්බර් 06 වැනිදා නැවත ආරම්භ කළ අතර,සැප්තැම්බර් 15 වැනිදා කැනීම් කටයුතු නවතා දැමනු ලැබුවා.

මෙහි කැනීම කටයුතු සඳහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ වර්තමාන මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් එක්ව සිටිනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා, මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව මහතා,යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්.පිරනවන් මහතා ඇතුළු කණ්ඩායමක් කැනීම් කටයුතු වෙනුවෙන් එක්ව සිටින බව සඳහන්.

මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,අතුරුදහන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්,මුලතිව් දිස්ත්‍රික් දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක්ද කැනීම් කටයුතු නිරීක්ෂණයට එක්ව සිටි බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...