25 C
Colombo
Thursday, January 16, 2025

හිටපු සුරාබදු කොමසාරිස්ට රට යන්න අවසර

- Advertisement -

පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

පසුගිය පාලන සමයේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කොට ඇතැයි චෝදනා කරමින් ගොණු කර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තමන් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු වී තිබුණා.

ඒ අනුව, අදාල මෝසමක් ඉදිරිපත් කරමින් හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවා දායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍ය ව තිබෙන බව දැනුම් දුන්නා.

ඒ අනුව, ජනවාරි මස 22 වනදා සිට පෙබරවාරි මස 28 වනදා දක්වා කාල සීමාව තුළ තම සේවාදායකයාට විදේශගත වීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට මෙම නඩුකරයේ තවත් පාර්ශවයක් වන පෙත්සම ඉදිරිපත් කළ බලපත්‍ර ලත් මත්පැන් හල් හිමියන් විසින් විරෝධය පළ කළා.

ඒ අනුව, හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමට අවසර දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අචල වංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES