28.9 C
Colombo
Thursday, July 10, 2025

බංකොලොත්භාවයෙන් ඉවත්වීම ඓතිහාසික මොහොතක්

- Advertisement -

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ(20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවයි.

රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත්, වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බව ද ලේකම්වරයා එමඟින් අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනයේ නවතම වාර්තාව ඊයේ( 20) අනාවරණ කර තිබුණා.

ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, ඒ අනුව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා ශක්තිමත් වී ඇති බවයි.

පසුගිය සතියේ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම මත පදනම්ව අමෙරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කළා.

ඒ අනුව ශ්‍රි ලංකාවේ දිගුකාලීන විදෙස් විනිමය නිකුතුව ශ්‍රේණිගත කිරීම RD මට්ටම, එනම් ණය පැහැරහරින ලද රාජ්‍යයක් යන මට්ටමේ සිට, CCC PLUS මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවධානම් තත්ත්වය අඩු මට්ටම දක්වා පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

POPULAR ARTICLES

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...