28 C
Colombo
Thursday, May 19, 2022

ඉදිරි දශකය පුරා ඉන්දියාවේ වාර්ෂික ආර්ථික වර්ධන‍ වේගය සියයට 7 ක් වන බවට ප්‍රකාශයක්

- Advertisement -

ඉදිරි දශකයේ ලෝක ආර්ථිකයේ කැපී පෙනෙනම වර්ධනයක් ඇති කර ගන්නා රට ඉන්දියාව බව එරට රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක කේ වී සුබ්‍රමනියම් පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, රට තුළ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ අර්බුදය අවස්ථාවක් කර ගැනීමට ඉන්දියාව දැක්වූ විශේෂ හැකියාව හේතුවෙන් ඉදිරි දශකයේ ඉන්දියාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 7 ක මට්ටමක පවතිනු ඇති බවයි.

ඉන්දු ඇමරිකා උපාය සහයෝගීතා සංසංදය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුවකදී ඇමරිකානු ආයෝජකයන් ඇතුලු පිරිසක් අමතමින් ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වසංගතය උච්ච අවස්ථාවට පත්වීමට පෙර සිට ඉන්දියාව සිය ආර්ථිකයේ මෙම ඉලක්ක සපුරාගැනීම සදහා වන මූලික පදනම දමා තිබූ බවත් වසංගතයෙන් පසු උපාය මාර්ග තවදුර‍ටත් වෙනස් කරමින් එම සැලසුම් පවත්වාගෙන යන බවත් ඔහු පෙන්වා දී ඇත.

මේ අතර 2020-2021 කාලසීමාව අදාළ කරගෙන ඉන්දියාවේ ආර්ථිකය පිළිබද සිදුකර ඇති සමීක්ෂණයක දී හෙළිවී ඇත්තේ 2022 මාර්තු මාසයෙන් අවසන් වන මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 11 ක් පමණ වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කන්න දෙන්න එපා – මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දිවා ආහාරය සැපයීම අත්හිටුවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (18) ලිපියක් භාරදුන්නා.‍අදාළ ලිපිය මගින්...

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...