ඉන්දියාවේ ෆිරෝසාබාද් හි නවුෂේරා ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර,තුවාල ලැබූ හය දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ පිපිරීම හේතුවෙන් රතිඤ්ඤා ගබඩා කර තිබූ කොටස සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.
මෙම පිපිරීමේ බලපෑම හේතුවෙන් අසල නිවසක වහලය ද කඩා වැටී තිබෙනවා.
සුන්බුන් අතරින් 10 දෙනෙකු පොලිසිය විසින් පිටතට ගෙන ඇති අතර 6 දෙනෙකුව ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව සඳහන්.
වැඩිදුර ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.