27.7 C
Colombo
Thursday, April 25, 2024

කොළඹ මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ පිපිරීමක් (වීඩියෝ)

- Advertisement -

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසළ පිහිටි කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලයේ ඇති මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ පිපිරීමකින් අනතුරුව ගින්නක් හට ගෙන තිබෙනවා.

අද (20) අළුයම 05.30ට පමණ මෙම පිපිරීම හා ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව තිබෙනවා.

පොලීසිය සැකකරන්නේ ගෑස් කන්දුවක් සිදුවී හටගත් පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිව ඇති බවයි.

කොළඹ මහනගර සභාවට අයත් ගිනිනිවීමේ රථ 6ක් යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩපවත්වා තිබෙනවා.

කුරුදුවත්ත පොලීසිය සදහන් කරන්නේ පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානි සිදුවී නොමැති බවයි.

කෙසේ වෙතත් පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොළඹ තුරඟ තරඟ පිටියේදී ඊයේ (19) රාත්‍රියේ අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වුණා.

ඊට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිදද සහභාගීවී සිටියා.


RECENT ARTICLES - SINHALA

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...