ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී බස් රථයක් තුළ බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.
එහිදී හිටපු ජනමාධ්‍යවේදියෙකු මියගොස් ඇති අතර තවත් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
බෝම්බ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර තලේබාන් සංවිධානය විසින් ආශ්රිත ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව පැවසේ.
මෑතකාලීනව ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීම් ඇතුළු ප්රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති අතර ඒවා වැඩි සංඛ්‍යාවක වගකීම භාරගෙන ඇත්තේ ISISK සංවිධානයයි.