30.4 C
Colombo
Wednesday, April 24, 2024

පකිස්තානයේ ව්‍යාපාරිකයෝ ඉන්දියාව දෙසට හැරෙති

- Advertisement -

ඉන්දියාවෙන් කපු ආනයනය කිරීමට අවසර දෙන්නැයි පකිස්ථානයේ රෙදිපිළි අපනයනකරුවන් එරට රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ගංවතුර තත්ත්වය හමුවේ එරට කපු වගා කර තිබූ අක්කර දහස් ගණනක් විනාශ වී ඇති පසුබිමක් තුළයි.

වගා දේශසීමා ප්‍රදේශය හරහා ඉන්දියාවේ සිට පහසුවෙන් කපු ආනයනය කළ හැකි බැවින් ඒ සදහා අවධානය යොමු කරන ලෙස රෙදිපිළි අපනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

රෙදිපිළි සදහා ඇනවුම් ඉහළ බැවින් ඉන්දියාවෙන් කපු ආනයනය කිරීම සුදුසුතම පියවර බව ද ඔවුන් රජයට පෙන්වා දෙයි.

කපු වගාවෙන් සියයට 25 ක් පමණ හානියට පත්ව ඇති බැවින් එය රට තුළ අමුද්‍රව්‍ය හිගයක් ඇතිවීමට ද බලපානු ඇතැයි අපනයනකරුවන් පවසයි.

කෙසේවෙතත් රෙදිපිළි අපනයනකරුවන්ගේ ඉල්ලීමට මෙතෙක් ෆෙඩරල් රජයෙන් අවසරයක් හිමිවී නැති බව පැවසේ.

ඉන්දියාවෙන් කපු ගෙන්වනවා වෙනුවට රට තුළ නව බීජ වර්ගයක් හදුන්වා දීම පකිස්තානය රජයේ අපේක්ෂාව වී ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

RECENT ARTICLES - SINHALA

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...