26.4 C
Colombo
Thursday, March 28, 2024

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

- Advertisement -

අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා.

ඒ අනුව මේ වන විට දැවෙන ජනතා ප්‍රශ්න කිසිවක් සාකච්ඡාවට බදුන් නොකර සිය නිවාස ගිනිගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුක්ගැනවිලිවලට වැඩි කාලයක් වෙන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී W.D.වීරසිංහ කල්තැබීමේ යෝජනාව ගෙන එමින් විනාඩි 14 ක කතාවක් පවත්වමින් තම ගිනිගත් නිවස ගැන දීර්ඝ විස්තරයක් කරනු ලැබූවා.

එහිදී තම නිවසේ වර්ග අඩි ප්‍රමාණයත්, එය සාදාගැනීමට බැංකු ණය ලබාගත් ආකාරයත්, නිවස සෑදීමට පටන්ගත් වර්ෂයත්, එය ක්‍රම ක්‍රමයෙන් සාදාගන්නා ලද ආකාරයත් වැනි කරුණු රැසක් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පවසා සිටියා.

පසුව කනක හේරත් මහතාද ගිනිගත් මන්ත්‍රී නිවාස පිළිබදව සංවේදී කතාවක් කළ අතර ජනතාව මෙලෙස කුපිත වූයේ කුමන හේතුවක් නිසාදැයි නොකියා සිටීමට වගබලාගත්තා.

උදෑසන පාර්ලිමේන්තුව කාලය නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කිරීමට නැවතවරක් ඡන්දයක් පැවැත්වීමට ගතකළ අතර ඉතිරි කාලය දුක් අදෝනා තැබීමට වෙන්කරමින් අද දිනයේද පාර්ලිමේන්තුව කිසිදු ජනතා ගැටළුවක් සාකච්ඡා නොකරන තත්ත්වයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...