32 C
Colombo
Friday, April 19, 2024

වාහනයක කිහිපදෙනෙක් යන විටත් මුව ආවරණ අත්‍යාවශ්‍යයි – දේශබන්දු තෙන්නකොන්

- Advertisement -

මුව ආවරණ නොපැළදීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

අද (23) පැවති කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පලකළා.

වාහනයක කිහිප දෙනෙක් ගමන් කරන විටත් මුව ආවරණ සහිතව ගමන් කිරීම අත්‍යාවශ්‍ය බව මෙහිදී දේශබන්දු තෙන්නකොන් මහතා සදහන් කළා.

මීට පෙර පොලීසියෙන් ක්‍රියාත්මක කළ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් නැවත ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහාතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී එම දැනුවත් කිරීමේ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණා.

මෙහිදී මුව ආවරණ නොමැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට පොලීසිය අවවාද කරන ආකාරය දක්නට ලැබුණා.


RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...