32 C
Colombo
Thursday, March 28, 2024

රැකියා දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේදී ලිංගිකත්වය අනුව වෙනස්කම් සිදු කර ඇතැයි ෆේස්බුක් වෙත චෝදනා

- Advertisement -

ෆේස්බුක් සමාජ මාධ්‍යය තුළ රැකියා දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේදී ‍ෆේස්බුක් සමාගම පුද්ගල සමානාත්මතාවය කඩ කර අති බවට ප්‍රකට ප්‍රචාරක දැන්වීම් ආයතනයක් වන Global Witness ආයතනය කළ සමීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

Global Witness ආයතනය පෙන්වා දෙන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ දැන්වීම් ප්‍රචාරය කිරීමේ දී ෆේස්බුක් ආයතනය ලිංගිකත්වය මත වෙනස්කම් කිරීම වැළැක්වීමට අසමත් වූ බවත් ඒවා බලන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීමේදී ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන ෆේස්බුක් ඇල්ගොරිදමය පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවත්ය.

ඔවුන් සිදුකල අත්හදා බැලීමකදී ෆේස්බුක් භාවිත කරන සියල්ලන් අතරින් කාර්මිකයන් සඳහා වූ දැන්වීම් පිරිමි පාර්ශවයටත් දරුවන් රැකබලා ගන්නා හෙදියන් සඳහා වූ දැන්වීම් කාන්තාවන්ට පමණක් පෙන්වීමටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය කටයුතු කර ඇති බව Global Witness ආයතනය පෙන්වා දෙනවා.

මෙම චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින් ෆේස්බුක් සමාගම පවසන්නේ තම පද්ධතිය මිනිසුන් වඩාත් උනන්දුවක් දැක්වන දේවල් අනුව ඔවුන්ට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ දැන්වීම් පෙන්වීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් Global Witness ආයතනය පෙන්වා දෙන මෙම කරුණු ආයතනය තුළ සමාලෝචනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ෆේස්බුක් ආයතන පවසනවා.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

ෂොපින් බෑග්වල බඩු ගන්න අය මේකත් දැනගන්න

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා...

එන්නතකින් පසු පාසල් සිසුන් 10 ක් රෝහලේ

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා. කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...