28.4 C
Colombo
Friday, April 26, 2024

Facebook ආයතනය වෙනස් කළ නමට ඊශ්‍රයලයේ විරෝධය

- Advertisement -

Facebook විසින් එහි සමාගම් නාමය Meta ලෙස වෙනස් කරන බව නිවේදනය කිරීම ඊශ්‍රායලයේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අතර එම වචනය හිබ්‍රෙව් භාෂාවේදී “මියගිය” යන්න සඳහා භාවිත වීම ඊට හේතුව වී තිබෙනවා.

ඒ අනුව #FacebookDead යන හැෂ් ටැගය යටතේ පුද්ගලයින් ගණනාවක් ට්විටර් ඔස්සේ මෙය හාස්‍යට ලක් කර ඇති බව දැක ගත හැකියි.

Facebook හි නම සොහොන් ගල් මත ලියා සකස් කළ පින්තූර මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යනවා.

තාක්ෂණ විශේෂඥයෙකු වන Dr. Nirit Weiss-Blatt, Facebook හි සන්නිවේදන කණ්ඩායම වෙත යොමු කරන ලද ට්විටර් පණිවුඩයකද දැක්වුණේ “හීබ්‍රෙව් භාෂාවෙන්, Meta යන්නෙහි අර්ථය මියගිය යන්නයි.

එමෙන්ම The Techlash සහ Tech Crisis Communication හි කතුවරයා යුදෙව් ප්‍රජාව ඉදිරි වසර වලදී මෙම නම සමච්චලයට ලක් කරනු ඇති බවද සඳහන් කර තිබෙනවා.

සමාගම් සන්නාම සිය භාෂාවට පරිවර්තනය කිරීමේ දී ලෝකයේ විවිධ රටවල සම්ච්චලයට ලක් වුණු ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

1980 ගණන්වල KFC චීනයට පැමිණි විට එහි “finger licking’ good” යන වාක්‍ය ඛණ්ඩය එරට වැසියන්ගේ දෝෂදර්ෂණයට ලක්වූ අතර එය මැන්ඩරින් භාෂාවෙන් පරිවර්තනය වී තිබුණේ “ඔබේ ඇඟිලි කන්න”යනුවෙන් වීම ඊට හේතුවුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...