27.4 C
Colombo
Wednesday, June 7, 2023

එන්නත් නොවිද්දොත් හිරේ දානවා..! – පිලිපීන ජනාධිපති

- Advertisement -

අග්නිදිග ආසියාවේ දරුණුතම කොවිඩ්-19 ව්‍යාප්තියක් ඇති පිලිපීනයේ එන්නත්කරණ ක්‍රියාවලියට ජනතා සහභාගීත්වය අඩු බැවින්, එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් සිරගත කරන බවට එරට ජනාධිපති රොඩ්රිගෝ ඩුටාර්ටේ තර්ජනාත්මක පණිවුඩයක් ලබා දී ඇති බව Reuters වාර්තා කරනවා.

“ඔබට තෝරා ගන්න දැන් අවස්ථාව තියෙනවා. එක්කෝ එන්නතද? නැත්නම් හිර ගෙදරද?” යැයි මැනිලා අගනුවර එන්නත් මධ්‍යස්ථාන කිහිපයකම පවතින අඩු සහභාගීත්වය පිළිබඳව පෙන්වා දෙමින් ජනපති ඩුටර්ටේ විසින් රූපවාහිනී සකච්ඡාවකදී පිලිපීන ජනතාවට අවධාරණය කර සිටින ලදි.

කෙසේ වෙතත් ඩුටර්ටේගේ මෙම ප්‍රකාශය ඔහුගේ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රකාශයට පටහැනි වන අතර, කොවිඩ්-19 එන්නත ලබා ගැනීම ස්වෙච්ඡාවෙන් සිදුවිය යුතු බව සෞඛ්‍ය මාර්ගෝපදේශය විය.

“මාව වැරදියට තේරුම් ගන්න එපා..! ඒත්, මේ රටේ අර්බුදයක් පවතිනවා පිලිපීන ජාතිකයන් රජයට අවනත නොවීම ගැන මා දැඩි කෝපයකින් මේ අවස්ථාවේ පසුවෙනවා.” ඩුටර්ටේ වැඩිදුරටත් පැවසීය.

ජුනි 20දා වනවිට පිලිපීන සෞඛ්‍ය අංශ විසින් මිලියන 2.1කට පමණක් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාදී ඇති අතර, මිලියන 110ක ජනතාවක් වෙසෙන රටක මේ වසරේ මිලියන 70ක් දක්වා ජනතාවට ප්‍රතිශක්තිකරණය ලබාදීමේ රජයේ ඉලක්කය ඉටු කරගැනීම තවමත් මන්දගාමී ප්‍රගතියක් ලබා ඇත.

වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහු දැරූ දරඳඩු ප්‍රතිපත්තිය විවේචනයට බඳුන් වුවද, ඩුටර්ටේ පාසල් නැවත විවෘත කිරීමටද ඉඩක් ලබා නොදෙන ලදි.

පිලිපීනයේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන්ද ඩුටාර්ටේ ගනු ලැබුවේ මීටත් වඩා දරදඬු ප්‍රතිපත්තියකි. ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පවා කරුණු ගොනුවන විට ඩුටාර්ටේ කියා සිටියේ තමාට සුදු ජාතිකයන් ඉදිරියේ නඩු විභාගයන්ට පෙනී සිටීමට තරම් පිස්සුවක් නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...