28.2 C
Colombo
Saturday, April 20, 2024

චීන ජාතිකයෙක් මෙරටදී කළ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් වංචාවක් හසුවේ

- Advertisement -

ව්‍යාජ කෙඩිට් කාඩ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයින් තිදෙනා මහනුවර, ගල්කිස්ස, සහ වරකාපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ සපයන ආයතනයක් විසින් කළ පැමිණිල්ලක් මත එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙහිදී ඔවුන් විසින් සාදන ලද ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 30ක් පමණ සහ අමුද්‍රව්‍ය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අදාළ සැකකරුවන් විසින් දින දෙකක් තුළ දී රු.787,000ක මුදලක් වංචාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (21) ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...