26 C
Colombo
Friday, March 29, 2024

උද්ඝෝෂණ කරන්නෙ ෆේක් ගොවියො..! – මහින්දානන්ද

- Advertisement -

ඉදිරි මාස 04 ක කාලය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර තොග තිබෙන බැවින් කිසිදු වගාවක් සඳහා පොහොර හිගයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්.

දැනට ගබඩා කරගෙන ඇති සියලු පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මුදා හරින්නැයි පොහොර සමාගම් වෙත ඊයේ උපදෙස් ලබාදුන් බවත්, රටතුළ කිසිදු පොහොර අර්බුදයක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. මේ වනවිට පොහොර සමාගම් සතු ගබඩාවල පොහොර මෙට්‍රික් ටොන් 102,000 ක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේ තිබියදී ගොවීන් යැයි හඳුන්වා ගන්නා සුළු පිරිසක් රටේ තැනින් තැන උද්ඝෝෂණ පවත්වමින් සිටින බවත්, ඔවුන් සැබෑ ගොවීන් නොව දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන් බවත් අලුත්මගමගේ ඇමතිවරයා සඳහන් කරනවා. උද්ඝෝෂණවලට ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක සටන් පාඨ හා විරෝධතා පුවරු එම ගොවි උද්ඝෝෂණවල දක්නට ලැ‍බෙන බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ගොවීන් පාරට බස්සවා, ගොවියෙක් මරණයට පත්කර හෝ බලය ලබා ගැනීම එම දේශපාලන පක්ෂයේ අරමුණ වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...