29.7 C
Colombo
Tuesday, April 23, 2024

කාබුල්හි පල්ලියක පිපිරීමෙන් මියගිය අයගේ පවුල් යුක්තිය ඉල්ලයි

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු ප්‍රචණ්ඩත්වය වැඩි වී ඇති බව එරට වාර්තා පවසයි.

මේ අතර, කාබුල්හි කලීෆා සාහිබ් මුස්ලිම් පල්ලියේ පසුගියදා සිදු වූ පිපිරීමකින් මියගිය ජාතික කුංෆු ශූර සහ ජාතික කණ්ඩායමේ සාමාජික අහමඩ් සෙයාර් අහමඩි ඇතුළු වින්දිතයන්ගේ පවුල් තමන්ට යුක්තිය ඉටුවිය යුතු බව අවධාරණය කර තිබේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙහිදී අවම වශයෙන් පුද්ගලයින් දස දෙනෙකු මිය ගිය අතර තවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ සිදුවන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන ඇත්තේ එරට සුලු ජාතික ප්‍රජාව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...