27 C
Colombo
Friday, April 19, 2024

දේශපාලන සඟයින් රැසක් බලා සිටියදී මංගල දැයෙන් සමුගනියි

- Advertisement -

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර මහතා ඊයේ (24) උදෑසන අභාවප්‍රාප්ත විය.

සතියකට වැඩි කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටි සමරවීර මහතා අසාධ්‍යව සිට ඔක්සිජන් ලබාදීමක් ද සිදුකළ බවයි පැවසුණේ.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුවිය.

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවට දේශපාලනඥයින් රැසක් ද සහභාගී වූ බව වාර්තා වනවා.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් මාතර ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකදී ඊයේ පස්වරුවේ පාංශුකූලය සිදුකර පිං අනුමෝදන් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාගේ අභාවය සැලවීමත් සමග ජනතාව මාතර නගරය පුරා සුදු කොඩි ඔසවා ශෝකය පළ කළ බවයි වාර්තා වන්නේ.

1956 අප්‍රේල් 21 වැනිදා උපත ලැබූ මංගල පින්සිරි සමරවීර මහතා මෙරට දේශපාලනයේ ජනප්‍රිය චරිතයක්

ඔහුගේ පියා වූ මහානාම සමරවීර මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ පළාත් පාලන නිවාස සන්නිවේදන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයායි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ඔහු ලන්ඩන් හි ශාන්ත මාර්ටින් කලා විශ්වවිද්‍යාලයෙන් ඇඳුම් පැළඳුම් සැලසුම් සහ තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක් බවට ද පත් විය.

මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස 1983 වසරේ දේශපාලනයට පිවිසෙන්නේ අර්බුදකාරී වාතාවරණයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නට උර දෙමිනි.

ඔහු මුල්වරට 1989 මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳ හෙළමින් 1994 වසරේදී මෙරට සිදුවූ බල පෙරළියේ පුරෝගාමියෙකු වූ සමරවීර මහතා ඉන්පසු ඔහු 1994 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයට එක් විය.

එතැන් සිට නාගරික සංවර්ධන, ඉදිකිරීම් , සන්නිවේදන , තැපැල් හා විදුලි සංදේශ, මහජන උපයෝගීතා මෙන්ම මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද යන කැබිනට් විෂයන් භාරව ඔහු කටයුතු කළේ ය.

2001 මැතිවරණ පරාජයෙන් පසුව ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙසත් පක්ෂය වෙනුවෙන් සිය රාජකාරීන් ඉටුකළ අතර 2004 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නව කැබිනට් මණ්ඩලයේ ඔහු දැරුවේ, වරාය ගුවන් සේවා හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයයි.

2005 නොවැම්බරයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ඔහුට මහින්ද රාජපක්ෂ යටතේ විදේශ අමාත්‍යධූරය ද හිමිවිය. කෙසේ නමුත් ඔහු 2006 වසරේදී අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති සූරියආරච්චි සමග විපක්ෂයේ අසුන් ගන්නා ලදි. ඉන්පසුව ඔහු 2007 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට පිවිසියේ ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීමට දැවැන්ත සේවයක් කල මංගල සමරවීර මහතාට එම රජයේ විදේශ කටයුතු, මුදල් යන අමාත්‍යධුරවල කටයුතු කළ අතර මුදල් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ ඉන්ධන මිල සූත්‍රයට ද සමාජයේ දැඩි කතාබහට ලක්විය.

2019 නොවැම්බර් 17 දා වන විට ඔහු එවකට දැරූ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර අවසන් වරට 2020 මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ද ලබා දී තිබූ ඔහු හිටි හැටියේ තරග බිමෙන් ඉවත් විය. පක්ෂ දේශපාලනයෙන් සමුගන්නා නමුත් ක්‍රියාකාරී දේශපාලනයෙන් තමන් සමු නොගන්නා බව එහ්දී ඔහු පවසන ලදි.

තමා දරන අදහස් සෘජුව පැවසීමටත්, අනෙකාගේ අදහස් හා සංවාද කිරීමටත් ඉදිරිපත් වූ මංගල මිය යාමට දින කිහිපයකට පෙරත් සැබෑ දේශප්‍රේමීන්” නමින් නව බලවේගයක් ආරම්භ කරමින් සමරවීර මහතා නව පරිච්ඡේදයකට මුලපිරුවේය.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...