27 C
Colombo
Wednesday, March 19, 2025

ජීවිත බිලිගත් මාරක අනතුරු

- Advertisement -

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (15) එම අනතුර සිදුව තිබුණේ දික්වැල්ල, ඉපලෝගම, වෙන්නප්පුව සහ මීගොඩ යන පොලිස් වසම්වලින්.

දික්වැල්ල, හුන්නදෙණිය – රත්මලේ මාර්ගයේ තලහිටියාගොඩ හන්දියේදී බවුසර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එම යතුරු පැදියේ ගමන් කළ වයස අවුරුදු 03ක දැරියක් බතිගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, තලහිටියගොඩ, රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙක්.

මේ අතර ඉපලෝගම පොලිස් වසමේ හිරිපිටියාගම – කාගම මාර්ගයේ පහලවෙම්බුව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කුඩා ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබෙනවා.

මේ අතර, කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව ශාන්ත ජොශප් පල්ලිය ඉදිරිපිටදී බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, දකුණු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක්.

මේ අතර ගොඩගම – පාදුක්ක මාර්ගයේ කොහේන හන්දිය අසලදී ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, ලුනේතොට, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක්.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...